Friday, February 14, 2014

පන්සිය පනස් ජාතක කතා

පන්සිය පනස් ජාතක කතා



ඔන්න අද මම ගෙනාවේ බෞද්ධ අපිට වැදගත්ම දෙයක් වන පන්සිය පනස් ජාතක ‍පොත් වහන්සේගේ සදහන් ජාතක කථා ඇරගෙනයි. මේක තියෙන්නේ PDF විදිහට. ඉතින් මේක කියවන්න Adobe Reader එක ඕනේ. Adobe Reader නැත්තම් ඉස්සෙල්ලම මෙතනින් Adobe Reader Download කරගන්න.

ජාතක කතා ඔයාට කරගන්න වෙන්නේ කොටස් හතරකට. මම ‍ඒක කොටස් හතරකට වෙන් කලේ ඔයාලට ලේසි වෙන්න. බය වෙන්න එපා කොටස් හතරකට වෙන් කලාට මේ ඔක්කොම 18MB විතරයි වෙන්නේ. පළවෙනි කොටස් තුනේම ජාතක කථා 150 බැගින් තියෙනවා. අන්තිම කොටසේ තියෙන්නේ ජාතක කතා 100 ක් විතරයි. පල්ලෙහයින් Download කරගන්න.

Part 1
Part 2
Part 3
Part 4

Thursday, February 13, 2014

Avast Anti Virus 2014

Avast Anti Virus 2014


‍කාලෙකින් තමයි Post එකක් දාන්නේ. Post ලියනවා කියන්නෙත් මහ එපා කරපු වැඩක් නේ, ඉතින් පුලුවන් වෙලාවට තමා Post එකක් ලියන්නේ. කොහොමහරි කමක් නෑ අද මම ගෙනාවෙ Virus Guard එකක්. මේක තමා Avast Free Anti virus 2014. මේක නම් සුපිරියටම වැඩ කරනවා. මම පාවිච්චි කරන්නෙත් මේක.‍ ගොඩක් Slow වෙන්නෙත් නෑ. මේක Install කරගත්තට පස්සේ ඒකෙම තියෙනවා Internet Security එකකුත් Download කරගන්න. කැමතිනම් ඒකත් ගන්න පුලුවන්. ඒකත් සුපිරි. අනික වෛරස් එකක් ආපු ගමන් කෑගහලා කියනවා. මෙතනින් Download කරගෙනම බලන්නකෝ

Saturday, January 4, 2014

Web Browsers

Web Browsers

හොද Web Browser එකක් හොයගන්න ගිහාම සෑහෙන්න අමාරුයි. මොකද Internet එකෙන් ගන්න ගිහාම අපිව ‍කඩේ යවනවනේ. ඉතින් අද කඩේ නොයා Web Browser එකක් Download කරගන්න ඔයාට පුලුවන්.


Opera Browser


ඔක්කොමලා වගේ දන්නවනේ Opera Mini ගැන. මොකද Java Support කරන ඕනේම Mobile Phone එකක අනිවාර්යෙන්ම වගේ Internet Browse කරන්න පාවිච්චි කරන්නේ Opera Mini තමා. වෙන ඒවත් පාවිච්චි කරන‍්නේ නැත්තේ නෑ. ඉතින් ඔයා‍ලගේ Computer එකෙනුත් Internet Browse කරන්න ඒ Browser එක හොද නැද්ද? මම නම් දැන් පාවිච්චි කර‍න්නේ Opera Browser එක. Google Chrome එක වගේමයි. වැඩි වෙනසක් නෑ. ඒත් ඒකෙ අමුතුම හොදක් තියෙනවා. ඒත් ඒක කියන්න තේරෙන්නේ නෑ. ඔයාලත් Download කරලා වැඩ කරලම බලන්නකෝ. පල්ලෙහයින් තියෙන්නෙ ඒකේ Interface එක.



Google Chrome 


ලෝකේ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Google Chrome ලු. මම නම් හරියටම දන්නේ නෑ. ඒත් ඔයාලා දන්නවා ඇතිනේ ඒ‍ක හොදයිද නැද්ද කියලා. මමත් හිතන්නේ ඒක ඇත්ත වෙන්න ඇති. කොහොමහරි කමක් නෑ ඔයාලට Google Chrome ඕනෙ නම් උඩ තියෙන Link එකෙන් Download කරගන්න. හැබැයි ඒක Online Install කරගන්න ඕනේ. පල්ලෙහයින් තියෙන්නේ Google Chrome වල Interface එක.



Mozilla Firefox
මේක ගැනනම් මට කියන්න දෙයක් නෑ. Firefox Web Browser එක Download කරගන්න ඕනෙ නම් උඩින් Link එක දීලා තියෙනවා. පල්ලෙහයින් තියෙන්නේ Firefox වල Interface එක.


Mozilla Waterfox
මේක ගැන කියනවනම් මෙහෙමයි, මේක තමා Mozilla Company එකේ අලුත්ම Web Browser එක. එයාලා කලින් දුන්නේ Firefox නේ. දැන් ඒකේ ගින්දර නිවලා Water වලට මාරු වෙලා. මේක මම පාවිච්චි කරලා නැති නිසා මම මේකේ තත්වෙ ගැනනම් කියන්න දන්නේ නෑ. මොකද මේක වැඩ කරන්නේ 64 bit Operating System වලට විතරයි. මගේ O/S එකත් 32 bit O/S එකක්. මේක Download කරගත්ත එක්කෙනෙක් මට මේක හොදද නැද්ද කියලා කියන්න හොදේ.