Friday, November 1, 2013

Recuva (Data Recovery Software)

Recuva

කොහොමද යා‍ලුවනේ? ඔයාලා මගෙ Page එකට Like, Comment නොකෙරුවට මගේ Blog එකට සෑහෙන්ට ඇවිත් තිබුනා. තාම පටන් ගෙන ටික කාලයක් උනත් අද වෙනකොට Views 1000 ත් පන්නලා. ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒකයි මෙහෙම Posts දාන්න හිතෙන්නෙත්.

 ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් වැදගත් Software එකක්. මේකෙන් පුලුවන් ඔයාලා අතින් Delete උන දේවල් ආයෙත් ගන්න. දන්නවනෙ ඉතින් අපෙ අය Delete කරනවා කිවුවම Shift+Delete ම තමා කරන්නේ. ආය Delete කරපු එක Recycle Bin එකේවත් හොයාගන්න නෑ. එහෙම අවශ්‍යම දෙයක් Delete උනාම ඉතින් දාඩිය දාගෙන ඒවා ගන්න විදිහක් හොයනවා. ඉතින් මේකෙන් පුලුවන් එහෙම Delete උන Data ආයෙත් ගන්න. තව විදිහකට කිව්වොත් Recovery කරගන්න.

ඉස්සෙල්ලම මෙතනින් Download කරගන්න. Extract Password එක තමා sajithcreations 

ඒක Open කරගත්තම මේ විදිහට පෙනෙයි


මේකෙන් ඔයාට ඕනෙ එක Select කරගන්න. Others කියන එක දුන්නොත් ඔයා අතින් Delete උන ඔක්කොම Recovery කරගන්න පුලුවන්. ඕනෙ එක Select කරලා Next Click කරන්න.

ඊට පස්සෙ මේක Open උනාම පල්ලෙහයින් තියෙන පියවර අනුව ඔයාගෙ Data Recovery කරගන්න.


අංක 1 තියෙන තැනින් ඔයාට අවශ්‍ය Partition එක Select කරගන්න (Pen එක Recovery කරගන්න නම් මේක Open කරන්න කලින්ම Pen එක PC එකට Plug කරලා ඉන්න)

ඊට පස්සේ අංක 2 තියෙන තැනින Option යන්න.


දැන් අංක 3 තියෙන තැනින් Action ගිහින් අංක 4 තියෙන Deep Scan එක Select කරලා OK කරන්න.


දැන් අංක 5 තියෙන Scan click කරන්න. Recovery List එක ආවට පස්සේ අංක 6 තියෙන විදිහට ඔයාට Recovery කරගන්න ඕනේ ඒවා Select කරලා අංක 7 තියෙන Recovery එක Click කරන්න. දැන් Recovery කරපුවා Save කරන්න ඕනෙ තැන තෝරලා OK කරන්න. ‍ඔන්න ඔහොමයි නැති වුන දේවල් හොයාගන්නේ. හැබැයි මතක තියාගන්න මම කලින් දුන්න Secure Eraser වගේ Software එකකින් Delete කරපුවා නම් ආය ගන්න බෑ.


No comments:

Post a Comment