Saturday, January 4, 2014

Web Browsers

Web Browsers

හොද Web Browser එකක් හොයගන්න ගිහාම සෑහෙන්න අමාරුයි. මොකද Internet එකෙන් ගන්න ගිහාම අපිව ‍කඩේ යවනවනේ. ඉතින් අද කඩේ නොයා Web Browser එකක් Download කරගන්න ඔයාට පුලුවන්.


Opera Browser


ඔක්කොමලා වගේ දන්නවනේ Opera Mini ගැන. මොකද Java Support කරන ඕනේම Mobile Phone එකක අනිවාර්යෙන්ම වගේ Internet Browse කරන්න පාවිච්චි කරන්නේ Opera Mini තමා. වෙන ඒවත් පාවිච්චි කරන‍්නේ නැත්තේ නෑ. ඉතින් ඔයා‍ලගේ Computer එකෙනුත් Internet Browse කරන්න ඒ Browser එක හොද නැද්ද? මම නම් දැන් පාවිච්චි කර‍න්නේ Opera Browser එක. Google Chrome එක වගේමයි. වැඩි වෙනසක් නෑ. ඒත් ඒකෙ අමුතුම හොදක් තියෙනවා. ඒත් ඒක කියන්න තේරෙන්නේ නෑ. ඔයාලත් Download කරලා වැඩ කරලම බලන්නකෝ. පල්ලෙහයින් තියෙන්නෙ ඒකේ Interface එක.



Google Chrome 


ලෝකේ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නේ Google Chrome ලු. මම නම් හරියටම දන්නේ නෑ. ඒත් ඔයාලා දන්නවා ඇතිනේ ඒ‍ක හොදයිද නැද්ද කියලා. මමත් හිතන්නේ ඒක ඇත්ත වෙන්න ඇති. කොහොමහරි කමක් නෑ ඔයාලට Google Chrome ඕනෙ නම් උඩ තියෙන Link එකෙන් Download කරගන්න. හැබැයි ඒක Online Install කරගන්න ඕනේ. පල්ලෙහයින් තියෙන්නේ Google Chrome වල Interface එක.



Mozilla Firefox
මේක ගැනනම් මට කියන්න දෙයක් නෑ. Firefox Web Browser එක Download කරගන්න ඕනෙ නම් උඩින් Link එක දීලා තියෙනවා. පල්ලෙහයින් තියෙන්නේ Firefox වල Interface එක.


Mozilla Waterfox
මේක ගැන කියනවනම් මෙහෙමයි, මේක තමා Mozilla Company එකේ අලුත්ම Web Browser එක. එයාලා කලින් දුන්නේ Firefox නේ. දැන් ඒකේ ගින්දර නිවලා Water වලට මාරු වෙලා. මේක මම පාවිච්චි කරලා නැති නිසා මම මේකේ තත්වෙ ගැනනම් කියන්න දන්නේ නෑ. මොකද මේක වැඩ කරන්නේ 64 bit Operating System වලට විතරයි. මගේ O/S එකත් 32 bit O/S එකක්. මේක Download කරගත්ත එක්කෙනෙක් මට මේක හොදද නැද්ද කියලා කියන්න හොදේ.