Saturday, November 23, 2013

Youtube Video Download (Without Software)

Youtube Video ‍Download කරන්න ලේසිම විදිහක් මෙන්න




ඉතින් කොහොමද? අද නම් මම කියන්න යන දේ ගොඩක් අයට වැදගත් වෙයි. මොකද ගොඩක් අය දන්නෙ නෑ Youtube එකෙන් Video Download කරන විදිහ. අපි ‍ඔක්කොමලා හැම දෙයක්ම දන්නේ නෑනේ නේද? මේකයි  කතාව, ගොඩක් අය Youtube Video Download කරන්න මොකක් හරි Software එකක් පාවිච්චි කරනවා. වැඩේ නරක නෑ. ඒත් ඉතින් ගොඩක් Software වලින් Download වෙන්න සෑහෙන වෙලාවක් යනවනේ. ඉතින් Download කරන කෙනාට තිත්ත වෙනවා. අද මම Youtube Video වේගෙන් Download කරන්න පුලුවන් ඒ වගේම කිසිම Software එකක් අවශ්‍ය වෙන්නෙ නැති ‍‍විදිහක් තමා කියන්නේ. වේගෙන් Download කරන්න පුලුවන් කිව්වට වැරදියට තේරුම් ගන්න එපා. Speed එක තීරණය වෙන්නේ ඔයාගේ Connection එකේ Download Speed එක අනුව තමා. ඒත් Software එකකින් Download වෙනවට වඩා Speed Download වෙනවා.මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ,

1. ඉස්සෙල්ලම ඔයාට ඕනේ Video එක Open කරගන්න.
2. දැන් Link එක ළගට යන්න. අංක 1 න් පෙන්නලා තියෙන්නේ Link එක.


3. දැන් Link එකේ මුලට, ඒ කිව්වෙ WWW. වලට පස්සේ ss කියලා Type කරන්න. පල්ලෙහා පින්තූරේ අංක2 න් පෙන්නලා තියෙන්නේ ඒක තමා. පෙන්නේ නැත්තම් පින්තූරේ උඩ Click කරලා බලන්න.


4. දැන් Enter කරන්න. එතකොට පහලින් තියෙන Savefrom.net කියන Website එකට යයි.


5. අංක 3 න් පෙන්නලා තියෙන තැනින් ඔයාට ඕනේ Video Format එක උඩ Click කරන්න. එතකොට නිකන්ම Download වෙනවා.

‍මේකෙන් පුලුවන් Video එකක් Video විදිහට Download කරන්න විතරයි. Video එකක් Mp3 විදිහට Download කරන්න මම පස්සේ කියලා දෙන්නම්. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. Mp3 විදිහට Download කරනවට වඩා 3GP Format එකෙන් Download කරගෙන Mp3 වලට Convert කරගන්න පුලුවන්නම් ඔයාට ඔයාගේ MB ගාන ඉතුරු කරගන්න පුලුවන්. එහෙනම් මම නවතිනවා. තව Post එකකින් හම්බවෙමු. Good Bye...!!!

No comments:

Post a Comment